පොහොයදා පන්සල්වල මැතිවරණ ප්‍රචාරණය එපා – CMEV

2020-08-02 at 10:12

ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන් ඉලක්ක කරගෙන අපේක්ෂකයන් සිදුකරන භාණ්ඩ හා ද්‍රව්‍ය බෙදාහැරීම් සීග්‍රයෙන් ඉහල ගොස් ඇතැයි මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරනවා.

එහි සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම තත්වය පාළනය නර ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

මේ පිළිබද නීතිමය පියවර අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු අවධාරණය කලේ.

මෙවර මහ මැතිවරණයට අදාලව වාර්තාවන පැමිණිලි සංඛ්‍යාව පිළිබදවද මංජුල ගජනායක මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

මේ අතර හෙට යෙදෙන පොහෝ දිනය තුල ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ඡන්ද ප්‍රචාරණයේ යෙදීමෙන් වළකින්නැයිද ඔහු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා.