බංගලාදේශ පළමු ඉනිම 541 යි

2021-04-23 at 13:36

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 541 ක් රැස් කරගෙන සිටියදි බංගලාදේශ පිළ සිය ඉනිම අත්හිටවුවා.

න–මුල් හසන් ලකුණු 163 ක්ද / මොමිනුල් හක් ලකුණු 127 ක්ද / තමීම් ඉක්බාල් ලකුණු 90ක්ද / ලිටන් දාස් ලකුණු 50 ක්ද රැස් කළා.

මුෂ්ෆිකර් රහිම් නොදැවි ලකුණු 68 යි.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කිසිවෙකුත් නොදැවි ලකුණු 11ක් ලබාගෙන සිටියා.