බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සිටි නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට වෙඩි ප්‍රහාරයක්

2019-03-15 at 07:37

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ඉස්ලාම් පල්ලියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිඛෙනවා.

තරග සංචාරයක් සඳහා පැමිණ සිටින ඔවුන් සිකුරාදා යාඥා සඳහා සහභාගී වෙමින් සිටියිදීයි මීට මුහුණ පා තිබුණේ. කෙසේවෙතත් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ආරක්ෂිතව පසුවන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් සඳහන් කලා.

ඉස්ලාම් පල්ලියකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු යාඥාවල යෙදී සිටි 300 ක් පමණ වන පිරිසකට මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් එක් අයෙකු ඔස්ටේ්‍රලියා ජාතිකයෙකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවටයි නිව්සීලන්ඩ් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ප්‍රදේශවාසියෙකු උපුටා දක්වමින් නවසීලන්ත වාර්තා කියාසිටියේ වෙඩි තැබීම් ශබ්ද 50 කට ආසන්න සංඛ්‍යාවක් ඇසුණු බවයි.

එක් තුවක්කුකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් තැනැත්තා පළාගොස් ඇති බවත් නවසීලන්ත වාර්තාවල සඳහන්. (Update 2)

————————————————————————————————————————————————————————————–

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා.

මේ වනවිට නවසීලන්තයේ තරග සංචාරයකට එක්ව සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද සිකුරාදා යාඥා සඳහා එම අවස්ථාවේ අදාළ පල්ලියේ සිට ඇති අතර අසල තිබූ උද්‍යානයක් හරහා දිව යෑමෙන් ඔවුන් දිවි ගලවා ගෙන තිඛෙනවා. (Update 1)