බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය අද

2021-04-23 at 07:23

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය අදයි.

ඊයේ දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 04 ක් දැවී ලකුණු 474 ක් ලබා සිටියා.

නායක මොමිනුල් හක් ලකුණු 127 ක් ලබා සිටියදී දැවී ගියා.

මුෂ්ෆිකර් රහිම් ලකුණු 43 ක්ද ලිටන් දාස් ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දීයි.