බටහිර ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළ නැවතත් අත්හිටුවයි

2021-05-02 at 07:40

බටහිර ඔස්ටේ්‍රලියාව සමග වන අන්තර් ටස්මේනියානු සංචාරක බුබුළ නැවතත් තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.

ඒ පර්ත් තගරයෙන් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මේ අනුව නිරෝධානයකින් තොරව සිදුකල සංචාරක බුබුළ අත්හිටුවනු ඇති.

පසුගිය දින හතර තුළ පර්ත් සිට පැමිණි ඕනෑම කෙනෙකුට කොවිඩ් පරීක්ෂාවකට ලක්වීමටද නවසීලන්ත රජය උපදෙස් දී තිබෙනවා.

මේ අතර අද අලූයම 5.30 සිට සිඩ්නි ගුවන් තොටුපළ වෙත පර්ත් සිට පැමිණෙන සියලූම සංචාරකයින් දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇති.