බස්නාහිර ඇතුලු ප්‍රදේශ කිහිපයකට වැසි
2021-02-20 at 16:56

අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව බස්නාහිර / සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.
නැගෙනහිර / ඌව / සහ උතුරු – උතුරු මැද පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.
