බ්‍රසීලයෙන් පළමු වරට දෛනික කොවිඩ් මරණ 4000 ඉක්මවයි

2021-04-07 at 11:26

බ්‍රසීලයෙන් දිනක් තුළ පළමු වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

එරට මේ වනවිට සමස්ත කොවිඩ් මරණ 03 ලක්ෂ 37 දහසකට වැඩි සංඛ්‍යාවක් සටහන් වන අතර එය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි.

විදෙස් වාර්තා සඳහන් කලේ නව ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමග බ්‍රසීලයේ කොවිඩ් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ මේ වනවිට එරට රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බවයි.