බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 පනී – බ්‍රිතාන්‍යයේදී නිරෝධායනය කැඩුවොත් පවුම් 1000 ක දඩයක්

2020-05-22 at 18:24

මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් දින 14 ක ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කළහොත් ස්ටර්ලිං පවුම් 1000 ක දඩයකට යටත් කෙරෙන නව නීතියක් පණවා තිබෙනවා.

ඔවුන් සිටින ස්ථානය ගුවන් තොටුපළේදීම බළධාරීන්ට දැනුම්දිය යුතුයි.

මේ අතර බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 20 දහස් 047 දක්වා ඉහළ ගියා.

එය ලොව 6 වන වැඩිම කොවිඞ්-19 මරණ සංඛ්‍යාවයි.

දකුණු අමෙරිකාවේ වැඩිම ආසාධිතයන් සහිත අනෙකුත් රටවල් වන මෙක්සිකෝව / චිලී සහ පේරු යන රටවලින්ද ඉහල රෝගීන් ගණනක් වාර්තා වී තිබෙනවා.