බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ලාංකික 4 මුදාහරී

2019-04-16 at 08:48

තහනම් සංවිධානයක සාමාජිකයන් බවට වන චෝදනා මත මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ලූටන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදා හැර තිඛෙනවා.

කෙසේවෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි බි්‍රතාන්‍ය මෙට්‍රෝපොලිටන් පොලිසිය සඳහන් කලේ.

දේශපාලන රැකවරණ පතන්නන් ලෙසද හඳුනාගෙන ඇති මොවුන් 04 දෙනා පසුගිය 11 වනදායි අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඊට පෙර දිනයේදී ඔවුන් ජාත්‍යන්තර ගුවන් ගමනකින් පසු ලූටන් ගුවන් තොටුපළට පැමිණ තිබුණා.