බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාවෙන්

2021-02-12 at 14:22

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ (B.1.1.7) ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවය.

ජනවාරි මාසයේ මැද සිට පෙබරවාරි මාසය දක්වා කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් 92 ක් මෙම DNA පරීක්ෂණය සඳහා යොමු කළ බවයි ඔහු සඳහන්කළේ.