බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට විශිෂ්ඨ ජයක්

2019-12-13 at 12:13

මහා බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු බහුතරය දිනාගැනීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ නායකත්වයෙන් යුත් කොන්සර්වටිව් පක්ෂය සමත් වී තිඛෙනවා.

ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වෙනුවෙන් ආසන 326 ක් දිනාගත යුතුයි.

කොන්සර්වටිව් පක්ෂය මේ වනවිට ආසන 360 කට වැඩි සංඛ්‍යාවක් දිනාගෙන තිඛෙනවා.

ඒ අනුව බොරිස් ජොන්සන් මහතාට ශක්තිමත් රජයක් පිහිටුවීමට හැකි වනු ඇති.

සමස්ත ප්‍රථීඵලය ප්‍රකාශයට පත්වනවිට පාර්ලිමේන්තුවේ ආසන 74 ක පමණ බහුතරයක් කොන්සර්වටිව් පක්ෂයට හිමිවනු ඇති බවටයි බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවැකි පළකරන්නේ.

මේ අතර මීලග මහ මැතිවරණයේදී තමන් කම්කරු පක්ෂයට නායකත්වය නොදෙන බව විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ප්‍රකාශ කර තිඛෙනවා.

පැවති පාර්ලිමේන්තුවේ ඔවුන් විසින් හිමිකර ගෙන තිබූ ආසන රැසක් මෙවර අහිමිවීමද විශේෂත්වයක්.

බොරිස් ජොන්සන් මහතා සඳහන් කර තිබුණේ මෙම ජනවරම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා හිමිවූවක් බවයි.