බුදු දහමට හෝ ඒකීයභාවයට හානියක් නෑ – රනිල්ගෙන් මහින්දට උත්තර

January 11, 2019

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානයට හෝ රටේ ඒකීය භාවයට කිසිදු හානියක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තාව අද ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලා.

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කල යුතුව ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කල විමසීමකට අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

ජාතිවාදය සහ වෛරීත්වය ඇති නොවන අයුරින් කටයුතු කල යුතුව ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කලේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.

මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා.