බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට

2020-08-02 at 11:33

බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදුවූ වෙඩි වැදීමකින් කාන්තාවක මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද පෙරවරු 09 යි 55 ට පමන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

බරපතල තුවාල ලැබූ 52 හැවිරිදි කාන්තාවක තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදීයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.