බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරු දැලේ

December 7, 2018

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් කිලෝ 231 සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ හෙරොයින් තොගය හුවමාරු කිරීමට යොදාගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන 44 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලා.

ඔහු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සොහොයුරෙකුද වනවා.

මෙම තැනැත්තා පළාගොස් සිටියදී යටියන්තොටදීයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද සොයාගෙන තිඛෙනවා.

සැකකරු පොලිස් ග්‍රහණයෙන් මිදී පළාගොස් කැළණි ගගටද පැන ඇති අතර ඔහු ගලවා ගැනීමට පොලිස් නිළධාරීන් සමත්වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.