බෝයිං 737 මැක්ස් සියලුම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලින් ඉවතට

2019-03-14 at 07:34

737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට බෝයිං සමාගම පියවර ගෙන තිඛෙනවා.

ඒ අනුව ලොව පුරා ගුවන් ගමන්වල යොදවා තිබූ ගුවන් යානා 371 ක් යළි දැනුම්දෙන තුරු ගුවන් ගත නොකරන ලෙසටයි බෝයිං සමාගම ගුවන් සමාගම් වෙත දැනුම්දී ඇත්තේ.

ඉතියෝපියා ගුවන් සේවයේ යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් සියලු දෙනා මියයාමත් සමග රටවල් ගණනාවක් තීරණය කලේ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා සිය ගුවන් කලාප වෙත ඇතුලු කර නොගැනීමටයි.

අමෙරිකාව අඛණ්ඩව අවධාරණය කලේ බෝයිං 737 මැක්ස් වර්ගයේ යානාවල කිසිදු දෝශයක් නොමැති බවයි.

කෙසේවෙතත් මගීන්ගේ ආරක්ෂාව සලකා බලා සියලුම 737 මැක්ස් මාදිලියේ ගුවන් යානා මෙහෙයුම්වලින් ඉවත් කිරීමට බෝයිං සමාගම පියවර ගෙන තිඛෙනවා.