මංතීරු නීතිය අද සහ හෙටත්

2020-09-17 at 06:34

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි මාර්ග 04 ක මංතීරු නීති නියමු වැඩසටහන අද සහ හෙට දිනවලදීද පැවැත්වෙනවා.

මේ අනුව බස් ප්‍රමුඛතා මංතීරුව තුළ යතුරු පැදි සහ ත්‍රී රෝද රථද ධාවනය කල යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ලබන සඳුදා සිට මෙම නීති කඩ කරන රියදුරන්ට රුපියල් 2000 ක දඩයක් පැණවෙනු ඇති.