මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී සජීව මැදවත්තට ස්ථාන මාරුවකට නිර්දේශ

2020-06-30 at 08:56

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ඨාසය වෙත ස්ථාන මාරු කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පැවසුවේ පුරප්පාඩු වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී ධුරයට නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. අපෝන්සු මහතා පත් කරන්නැයි නිර්දේශ කර ඇති බවයි.

අදාළ නිර්දේශ සළකා බැලීම සඳහා අනිද්දා පොලිස් කොමිසම රැස්වීමට නියමිතයි.

මත් ජාවාරම්කරුවන්ට සහය දීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය ඊයේ අත්හිටුවනු ලැබුවා.

උප පොලිස් පරීක්ෂකවරයෙකු / සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු ඒ අතර වනවා.