මත්පැන් විෂ වී ඉන්දියාවේ 86 ක් මරුට

2020-08-02 at 07:30

මත්පැන් විෂ වීමෙන් ගතවු දින කිහිපයේදී ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේදී සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී එරට පොලිසිය විසින් වැටලීම් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

නීති විරෝධී ලෙස මත්පැන් නිපදවන ලද 25 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කලේ.

අනවසරයෙන් නිපදවන මත්පැන් විෂවීම හමුවේ ඉන්දියාවෙන් පුද්ගල මරණ වාර්තාවීම සුලභව සිදුවන්නක්.

මේ අතර මත්පැන් වෙනුවට දෑත් සනීපාරක්ෂක දියර පානය කිරීමෙන් පෙරේදා දිනයේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වුණා.