මම ජනපතිවරණ ප්‍රචාරක කටයුතු කඩාකප්පල් කලේ නෑ – එජාප නායක

2019-11-22 at 13:09

ජනාධිපතිවරණයේදී තමන්ට පැවරුණු වගකීම් නොපිරිහෙළා ඉටුකල බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කඩාකප්පල් කල බවට අසත්‍ය තොරතුරු පතුරවමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ප්‍රතිඵල ගැන යළි විග්‍රහයක් කිරීම අත්‍යවශ්‍ය බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලා.

නව නායකයින්ට ද පක්ෂය තුල නව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි වික්‍රමසිංහ මහතා කියාසිටියේ.