මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

2019-08-14 at 05:19

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථී සංචාරය කරනවා.

අද රාත්‍රී 08 යි 05 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය වසර කිහිපයේ දළදා කරඩුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අසනීප තත්වයක් හේතුවෙන් මෙවර පෙරහරට එක්වන්නේ නැහැ.

දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාද මේ වන විට රෝගී තත්වයක පසුවීම හේතුවෙන් අද දිනයේදී කරඩුව වැඩමවන හස්තියා පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මහනුවර ඇසල මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර පිළිබද කරුණු පැහැදිළි කරන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා විශේෂ ඉල්ලීමක් ද කළා.

හෙට අලුයම ගැටඹේ තොටේදී දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් පසු ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල හෙට දහවල් පෙරහර පැවැත්වෙනු ඇති.

අනතුරුව පෙරහර මංගල්‍යය නිසි පරිදි අවසන් කල බවට දියවඩන නිළමේවරයා සහ බස්නායක නිළමේවරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වීමට නියමිතයි.