මහින්ද – මෛත්‍රී සාකච්ඡාව අද

2020-02-18 at 05:55

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර / ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඊට එක්වනු ඇති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතයි.

පොදු සන්ධානයක් ලෙස තරග කිරීමේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහායි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව සංවිධාන කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීමට ඊයේ දිනයේදී අවසන් එකගතාවයක් ඇතිවී තිබුණා.


ultricies dolor lectus non porta. commodo diam amet, Donec felis neque.