මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට උදර්පණ ඉල්ලීම සිංගප්පූරුවට

2019-09-12 at 13:49

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චූදිතයෙකු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය උදර්පණ ඉල්ලීම සිංගප්පූරු විදේශ අමාත්‍යංශය වෙත යොමු කර තිඛෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ මෙරට විදේශ අමාත්‍යංශය විසින් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා එය යොමු කෙරෙන බවයි.

මීට අදාළ පිටු 21000 කට අදාළ ලේඛන සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය 6 වනදා අත්සන් තබනු ලැබුවා.