මාංලිග ක්‍රිකට් පිටියට සමුදෙන දිනය ප්‍රකාශයට පත් කරයි

2019-03-23 at 18:12

2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති දෙවන විස්සයි විස්ස තරගය පරාජයට පත් වීමෙන් පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මේ වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ද තමා හොදින් සූදානම් බවයි මාලිංග මෙහිදී කියා සිටියේ.