මාතර රුසියානු ජාතිකයා රෝහලෙන් මුදා හරින්න අවසර

2020-09-26 at 16:55

මිට දින කිහිපයකට පෙර මාතර ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබූ කොවිඩ් වෛරසය ආසාදිත රුසියානු ජාතිකයාට මිට පෙර වෛරසය ආසාදනය වී සුවය ලැබූ අයෙක් බවට හෙළිවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරනවා.

පළමු සිදුකළ PCR පරීක්ෂණයේදී සුළු වෛරස් ප්‍රමාණයක් සමග ආසාදිතයෙක් බවට හෙළිවූ බවත් පසුව පිට පිට දින දෙකකදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම වාර්තාවන් සෘණාත්මක වූ බවත් එය එසේ සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කළේ.

මෙම රුසියානු ජාතිකයාගෙන් කිසිදු අයුරකින් වෛරස ව්‍යාප්තියක් සිදුවීමේ ඉඩක් නොමැතිවීම නිසා ඔහුව අද හෝ හෙට දිනයේදී රෝහලෙන් පිටව යාමට ඉඩ ලබා දෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.