මාලිංගට IPL අහිමි වෙයි ???

2019-03-23 at 09:38

අයි පී එල් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තරග කරන මුල් තරග 6 සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට අහිමිවී තිඛෙනවා.

ඒ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය හේතුවෙන්. ලෝක කුසලාන සංචිතය නම් කිරීමේදී අන්තර් පළාත් තරගාවලියට සහභාගීවීම අනිවාර්ය කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

මේ අතර තරගාවලියේ තුනෙන් එකකට පමණ තම සහභාගීත්වය නොලැඛෙන බැවින් සමස්ත අයි පී එල් තරගාවලියටම තමා වෙනුවට අයෙකු යෙදවීම සුදුසු බවයි ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට දන්වා ඇත්තේ.

අන්තර් පළාත් එක්දින තරගාවලියේ ගාලු කණ්ඩායමේ නායකයාද වන ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම විසින් මිළදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකටයි.

2019 අයි පී එල් තරගාවලිය අද ආරම්භ වන අතර ලබන මැයි 19 වනදා තෙක් එය ක්‍රියාත්මකයි.

Please follow and like us: