මැතිවරණ අපේක්ෂක වියදම් පිළිබඳ පළමුවරට සමීක්ෂණයක්

2019-08-14 at 12:38

මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පිළිබද සමීක්ෂණයක් කිරීමට මැතිවරණ නිරීක්ෂකයන් තීරණය කර තිඛෙනවා.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කලේ මෙරට තුළ මින් පෙර මෙවැනි සමීක්ෂණයක් සිදුව නොමැති බවයි.

ජනාධිපතිවරණ පැවැත්වීම සදහා වෙන් කරන මුදල කාලානූරූපීව ඉහල ගොස් ඇති බවයි මංජුල ගජනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට අදාළව අධිකරණය හමුවට නොයන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

එවැනි නඩු කටයුතු සම්බන්ධයෙන් නිසි තීන්දුවක් හිමිවීමට විශාල කාලයක් ගතවන බව පෙන්වා දුන් මංජුල ගජනායක මහතා අවධාරණය කලේ මැතිවරණ පෙත්සම් විභාගයට වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවයි.