මියන්මාර හමුදා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණිය මරුට

2021-02-19 at 12:05

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක නිරතවී සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මියගොස් තිබෙනවා.

සිය 20 වන උපන්දිනයෙන් දින කිහිපයකට පසුවයි ඇය මෙලෙස මියගොස් ඇත්තේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතාවයකදී ජල – රබර් උණ්ඩ සහ සජීව පතොරම් යොදාගනිමින් මියන්මාර ආරක්ෂක විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණා.

එහිදී හිසට වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනුයි මෙම තරුණිය බරපතල තුවාල ලබා තිබුණේ.