මෙරටින් තවත් ආසාධිතයන් 260ක් හදුනා ගැනේ

2021-04-08 at 17:25

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 260 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 94 දහස් 253 ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2618 ක්.

මෙරට ආසාධිතයන් අතුරින් තවත් 127 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 91 දහස් 044 දක්වා ඉහළ යනු ඇති.

සැක සහිත රෝගීන් ගණන 363 ක්. දැනට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 591 ක්.