මෙරටින් තවත් කොරෝනා ආසාධිතයන් 222 ක්

2021-02-23 at 18:19

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 222 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 80 දහස් 739 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4447 ක්.

මෙරට ආසාධිතයන් අතුරින් තවත් 732 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 75 දහස් 842 දක්වා ඉහළ යනු ඇති.

මෙරට රෝහල් ගතව සිටින සැක සහිත රෝගීන් ගණන පවතින්නේ 559 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 450 ක් වාර්තා තිබෙනවා.