මෙරට ආසාධිතයන් තවත් 40 කට සුවයි – සුවය ලැබූ මුලු ගණන 660 තෙක් ඉහළට

2020-05-23 at 13:30

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් අතුරින් තවත් 40 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

22 දෙනෙකු නාවික රෝහලින්ද / 08 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද / 06 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද / 03 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද / එක් අයෙකු ඉරණවිල රෝහලින්ද පිටව ගොස් තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුලු කොවිඞ්-19 ආසාධිතයන් ගණන 1068 ක්.

ඉන් 399 දෙනෙකු තවමත් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

ඉන් 98 දෙනෙකු නාවික රෝහලේද / 77 දෙනකු අයි ඩී එච් රෝහලේද / 48 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලේද / 45 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේද / 40 දෙනෙකු වැලිකන්ද රෝහලේද / 38 දෙනෙකු හෝමාගම මූලික රෝහලේද / 28 දෙනෙකු කාත්තන්කුඩිය රෝහලේද / 18 දෙනෙකු ඉරණවිල රෝහලේද ප්‍රතිකාර ලබනවා.

අද පෙරවරු 10 වනවිට මෙරට රෝහල්වල සිටි තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 101 ක්.

මෙරට ආසාධිතයන් 1068 දෙනාගෙන් 643 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්.

ඉන් 607 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 36 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන්.