PHOTOS : මෙරට ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ 

2020-06-17 at 14:03

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට  ඉදිකරන ලද  කෞතුකාගාරය  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 අප්‍රේල් 05 වන දින ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සකස් කර ඇති අතර ඒවා සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත.

එසේම කාලයාගේ ඇවෑයමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත.

මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.

ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කිරිමට යෙදුනු මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනිමට තීරණය කලද කෙටි කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන්  විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් මෙම ව්‍යපෘතිය කර ගෙන යාමට නාවික හමුදාව කටයුකු කරන ලදි.

මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ඉතා සුවිශේෂි මුහුනුවරක් ගත් අතර ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපති තුමන් දිය යටදි පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම නැවුම් අත් දැකීමක් විය.

මෙරට ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ ===================================================ශ්‍රී ලංකාවේ ප්‍රථම…

Posted by Rhythm World News on Wednesday, 17 June 2020