මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 944 දෙනෙකු සුවය ලබයි

2021-05-04 at 17:09

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 944 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99 දහස් 153 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 13 814 ක්.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 1923 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 13 දහස් 676 ක් බවට පත්වනවා.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 1118 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 709 ක් වාර්තා වී තිබෙනවා.