මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 1852 දෙනෙකු සුවය ලබයි

2021-06-11 at 15:38

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 1852 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව එක් ලක්ෂ 84 දහස් 090 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2738 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව දෙ ලක්ෂ 16 දහස් 134 ක් බවට පත්වනවා.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 2011 ක් වාර්තා වී තිබෙනවා.