මෛත්‍රීට සහයක් නෑ – පොහොට්ටු පළාත් සභා මන්ත්‍රීන්

2019-01-11 at 13:48

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිඛෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලාංඡනයෙන් පමණක් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කල බවයි මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය අද රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණවලට එළඹ ඇත්තේ.

මේ අතර අද දිනයේදී ගත් මෙම දේශපාලන තීරණ පොදුජන පෙරමුණේ නායකත්වය වෙත ඉදිරි දින කිහිපයේදී දැනුම්දීමට සූදානම් බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Please follow and like us: