මොරටුව නගරාධිපතිට ඇප

2021-06-11 at 14:01

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබෙනවා.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නගරාධිපතිවරයා මුදාහැරීමටයි.

මොරටුමුල්ල ප්‍රදේශයේදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කර ඇත්තේ.

රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 28 වනදා ගල්කිස්ස පොලීසියට භාර වූ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.