යොෂිහිදෙ සුගා ජපාන අගමැති ධුරයට

2020-09-16 at 10:53

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහිදෙ සුගා මහතා එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගෙන තිබෙනවා.

ඔහු පසුගිය සඳුදා දිනයේදී එරට පාලක පක්ෂයේ නායකත්වයටද පත්වුණා.

සෞඛ්‍යමය හේතු මත හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි ජපාන අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු වූයේ.

යොෂිහිදේ සුගා මහතා විසින් ෂින්සෝ අබේ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියටත් ගෙන යනු ඇති බවටයි ජපාන වාර්තා අනාවැකි පළකරන්නේ.

කොවිඞ් වසංගතයත් සමග අනෙකුත් රටවල් හා සමානව ජපානය ද මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් රට මුදා ගැනීම නව අග්‍රාමාත්‍යවරයාට පැවරී ඇති ප්‍රධාන අභියෝගයයි.