රංජන් වෙනුවට අජිත් එන ගැසට් නිවේදනය එයි

2021-04-08 at 18:40

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුවීම හමුවේ ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා තෝරා පත්කරගත් බව දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු සාමාජිකයන් 05 දෙනා විසිනුයි ඊට අත්සන් තබා ඇත්තේ.

මේ අතර අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ දිනයේදී නිව්ස් රේඩියෝ වෙත කියාසිටියේ සිය නාමය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීමට සූදානම් බවයි.