රජය ජිනීවා යෝජනාවලින් ඉවත් වෙයි ???

2020-02-18 at 11:07

යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා 2 කින් ඉවත්වීමට රජය තීරණය කර තිබෙනවා.

2015 වසරේදී එකග වූ 30/1 සහ පසුගිය වසරේදී එකගවූ 40/1 යෝජනාවලින් ඉවත්වීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ සම්බන්ධ නිල ප්‍රකාශයක් විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට / පාර්ලිමේන්තුවට සහ මාධ්‍ය වෙත සිදුකරනු ඇති බවයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක සඳහන් කලේ.

අදාළ යෝජනා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකර බවට නිගමනය කරමිනුයි ඒවායින් ඉවත්වීමට රජය තීරණය කර ඇත්තේ.

මේ අතර පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළකලා.


quis, dictum id nec accumsan Donec risus. consequat.