රටින් ආ තවත් 04 කට කොරෝනා – මුලු ආසාධිතයන් 3,349 ට නගී

2020-09-26 at 17:20

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කටාර් සිට පැමිණි 03 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු වෛරස ආසාධිතයන් ලෙස අද දිනයේදී තහවුරු වීමත් සමගයි.

මෙරට සමස්ත ආසාධිතයන් අතුරින් විදේශිකයන් 17 දෙනෙකු ඇතුලූ 150 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 1371 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 25 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 3186 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී වැලිකන්ද රෝහලේ සිටි 17 දෙනෙකු / අයි ඩී එච් රෝහලේ සිටි 06 දෙනෙකු සහ ඉරණවිල රෝහලේ සිටි 05 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.