රටේ ප්‍රජාතන්ත්‍රවාදය දවසෙන් දවස දියාරු වෙනවා

2020-10-01 at 16:01

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින දියාරු වෙමින් පවතින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එමගින් රටතුල බියකරු තත්වයක් ඇතිවන බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ.