රටේ සියළු ජනතාව එන්නත්කරණයට ලක් කරන තුරු එන්නත ගන්නේ නෑ

2021-06-11 at 19:16

රටේ සියළු ජනතාව එන්නත්කරණයට ලක් කරන තුරු තමා කොරෝනා මර්ධන එන්නත ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි අවධාරණය කරනවා.

කොවිඩ් වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිමෙන් පසු සුවය ලබා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.