රටේ සෞඛ්‍ය පාලනය ගිලිහි යන බවට අනතුරු ඇගවීම් : PHI සංගමය

2021-05-04 at 14:55

මහජනතාවගේ නොසැලකිලිමත්කම හේතුවෙන් රටේ සෞඛ්‍ය පාලනය ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීම සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.