රත්ගම ව්‍යාපාරික ඝාතනවලට විරෝධය පා ගාලු පාරේ උද්ඝෝෂණයක්

2019-02-23 at 11:34

ගාල්ල රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් පිරිසක් විසින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු නොවන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් රත්ගම ප්‍රදේශයේදී ගාලු පාර අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිඛෙනවා.

විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ රථ වාහන ගමනාගමනයට බාධා මතුව ඇති බවයි අනාවරණ වන්නේ.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන වයස අවුරුදු 33 ක සහ 31 ක පුද්ගලයන් දෙදෙනෙක් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කල බවටයි රහස් පොලිසිය මේ වනවිට අනාවරණ කරගෙන ඇත්තේ.