රන්ජන්ගෙන් CID යේදී පැය 5 ක් ප්‍රශ්න කලේ මොනවාද ??

2020-05-23 at 08:44

බුදු දහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

ඊයේ පස්වරු 01 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත හිටපු මන්ත්‍රීවරයා පැමිණ තිබුණා.

අනතුරුව පැය පහකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැණුනු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.