රනිල් පාර්ශවය / සජිත් පාර්ශවය සිරිකොතට රැස්වෙයි

2020-02-14 at 15:14

එක්සත් ජාතික පක්ෂයේ සියලු අර්බුද අවසන් කිරීමට අදාල විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්තානයේදීයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු නියෝජිතයන් පිරිසක් හා සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වනවා.

සජිත් ප්‍රේමදාස මහතා සමගින් රංජිත් මද්දුම බණ්ඩාර / කබීර් හෂීම් / මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්වන අතර රනිල් වික්‍රමසිංහ මහතා සමග අකිල විරාජ් / ජෝන් අමරතුංග / වජිර අබේවර්ධන සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙම සාකච්ඡාවට එක්වනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂයේ සියලු අර්බුද නිමා වනු ඇති බවට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.

 

මේ අතර අද පෙරවරුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරුන්  පිරිසක් සහභාගී වූ විශේෂ රැස්විමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා.

මේ ඒ සම්බන්දයෙන් කරුණු පැහැදිලි කළ තුෂාර ඉදුනිල් මහතා