රනිල් – සජිත් සාකච්ඡා සාර්ථකව අවසන්

2020-02-14 at 18:25

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයන් අතර පැවති සාකච්ඡා සාර්ථකව අවසන්වී තිබෙනවා.

එය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන් එය සඳහන් කලා.

සති අන්තයෙන් පසු ලබන සඳුදා දිනයේදී අදාළ එකගතා මාධ්‍ය වෙත ප්‍රසිද්ධියට පත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

සජිත් ප්‍රේමදාස මහතා සමගින් රංජිත් මද්දුම බණ්ඩාර / කබීර් හෂීම් / මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා සමග අකිල විරාජ් / ජෝන් අමරතුංග / වජිර අබේවර්ධන සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙම සාකච්ඡාවට එක්වුණා.