රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය ලොක්කන් ගැන පරීක්ෂණයක්

2020-02-18 at 10:45

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා ට දැනුම් දී තිබෙනවා.

වෘත්තීය සමිති චෝදනා කර තිබුණේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයෙන් දෙන ඉන්ධන දීමනාව ලබාගනිමින් රාජකාරී සහ පුද්ගලික ගමන් බිමන්වල නිරත වී ඇති බවයි.

එමෙන්ම දෙපාර්තමේන්තුව සතු වාහනද ඔවුන් විසින් අවභාවිත කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටයි ප්‍රවාහන සේවා අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.


Curabitur libero venenatis Phasellus vulputate, ut Donec in Lorem