රිය අනතුරකට අදාළව කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

2020-07-05 at 09:02

රිය අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ අද අලුයම 5 ට පමණ පැරණි ගාලු පාරේ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුවී ඇති බවයි.

එහිදී පාපැදියකින් ගමන් කරමින් සිටි 64 හැවිරිදි අයෙකු කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පානදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කලා.

කුසල් මෙන්ඩිස් මේ වනවිට පානදුර උතුර පොලිසියේ අත්අඩංගුවේ පසුවන බවයි පොලිසිය කියාසිටියේ.