රිශාඩ් – සාලි හා හිස්බුල්ලාට එරෙහිව දවස් 8 කටම පැමිණිලි 21 යි

2019-06-12 at 18:15

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් / හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව අද පස්වරු 3 වනවිට ලැබී තිබුණේ පැමිණිලි 21 ක් පමණක් බව පොලිසිය පවසනවා.

පසුගිය 4 වනදා සිට දින 8 කට ආසන්න කාලයක් මෙම පැමිණිලි භාරගැනීමට පොලිස් මූලස්ථානය තුළ විශේෂ ඒකකයක් පිහිටුවා තිබුණා.

ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවටයි.

අද පස්වරු 4 ට පැමිණිලි භාරගැනීම අවසන් කෙරුණා.

සවස 3 වනවිට රිශාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිලි 11 ක්ද / අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි 5 ක්ද / හිස්බුල්ලා මහතාට එරෙහිව පැමිණිලි 2 ක්ද / බදියුදීන් හා හිස්බුල්ලා යන මහත්වරුන් දෙදෙනාටම එරෙහිව පැමිණිලි 1 ක්ද 3 දෙනාටම එරෙහිව එක් පැමිණිල්ලක්ද ලැබී තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ.

මෙම පැමිණිලි යොමුකල අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක – උදය ගම්මන්පිල හා භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද වනවා.

අදාළ සියලු පැමිණිලි ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිඛෙනවා.