රී යුනියන් දූපතෙන් පිටුවහල් කල ලාංකිකයන් 64දෙනෙකු CID භාරයට

2019-02-14 at 16:48

ප්‍රංශයේ රි යුනියන් දූපතින් පිටුවහල් කල ශ්‍රිලාංකිකයන් 64 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී ආගමන විගමන නිළධාරින් භාරයට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිඛෙනවා.

අද පස්වරුවේ මෙම පිරිස ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපලට ළගා වූ අතර ඔවුන් ශ්‍රි ලංකාවට භාර දීම සදහා ප්‍රංශයේ ආරක්ෂක නිළධාරින් 70ක පමණ කණ්ඩායමක්ද පැමිණ තිබුණා.

පිටුවහල් කල පිරිස අතර කාන්තාවන් 6දෙනෙකු සහ කුඩා දරුවන් 4දෙනෙකු සිටින බවයි නිවුස්රේඩියෝ ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.

මීට සති කිහිපයකට පෙර මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය යාත්‍රාවකින් මෙම පිරිස ප්‍රංශයේ රියුනියන් දූපත වෙත නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණය වී ඇති බවටයි ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබුණේ.